වසර දෙක හමාරකට පමණ පසු දික්වැල්ල 20-20 සංචිතයට

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට වසර දෙක හමාරකට පමණ පසු නිරෝෂන් දික්වැල්ල කැඳවා තිබෙනවා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමඟ ආරම්භවීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන්.

මෙම තරගාවලියට සඳහා නම්කර සිටි කුසල් ජනිත් පෙරේරාට ඇතිව තිබෙන අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමිව යන අතර, ඔහු වෙනුවටයි දික්වැල්ල ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ.

ඒ, අනුව නිරෝෂන් දික්වැල්ල බංග්ලාදේශයට ගොස් සිටින ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිත සමඟ එක්වීමට නියමිතයි.

දික්වැල්ල ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට විස්සයි විස්ස තරගයක් සඳහා ක්‍රීඩාකර ඇත්තේ 2021 වසරේ ජුනි මාසයේදී යි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 04 වනදා ආරම්භවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45