ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 30,000 ඉක්මවයි

ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තීරයේ පලස්තීනුවන් 30,000 කට වැඩි පිරිසක් මරා දමා ඇති බව හමාස් සංවිධානය පවසනවා.

මියගිය අයගෙන් බහුතරය කාන්තාවන් සහ ළමුන් වන අතර අද(29) සිය දෛනික යාවත්කාලීන කිරීමේදී ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 81 දෙනෙකු මියගොස් ඇති ඇති බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ලක්වූ ගොඩනැගිලි සුන්බුන්වලට යටවී තවමත් දහස් ගණන් මිනිසුන් සොයා ගැනීමට නොහැකිව සිටින නිසා සැබෑ මියගිය සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි විය හැකි බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?