කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය ජය පැරදුමෙන් තොරව අවසන්

කොදෙව් දේශයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය ගෞරවය රැක ගන්නනට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් කරමින් දෙරට අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ද ජය පැරදුමෙන් තොරව නිමා කරමින්.

දෙවන තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 354ක් රැස්කළා.

ඊට පිළිතුරු වරශයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත හැකි වූයේ ලකුණු 258ක් පමණයි. ලකුණු 97ක වාසියක් ද සමඟ දෙවන ඉනිම ආරම්භ කළ කොදෙව් පිල කඩුලු 04ක් දැවී ලකුණු 280ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 377ක ඉලක්කය හිමි වූ අතර එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟයේ අවසන් දිනය වනවිට රැස්කරගත හැකිවුයේ කඩුලු 02ක් දැවී ලකුණු 193ක් පමණයි.

ඒ අනුව දෙරට අතර දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. මෙම තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 126ක් රැස්කළ කොදෙව් නායක ක්‍රේග් බ්‍රැත්වෙයිට් තරඟයේ වීරයා ලෙස සම්මාන ලැබූ අතර තරඟාවලිය තුල කඩුලු 11ක් බිඳ දැමූ සුරංග ලක්මාල් තරඟාවලියේ වීරයා බවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09