STF නිලධාරීන් පිරිසකට එරෙහිව පියවර ගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

මෑතක දී ආනමඩුව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක සැකකරුවන් වශයෙන් නම් කර සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පස්දෙනෙකු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස දන්වා ආනමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත නිකුත් කර තිබෙන නියෝගය ලබන මැයි මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (26) නියෝග කළා.

අදාළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පස්දෙනා විසින් ගොනුකළ රිට් පෙත්සමක් අද සලකා බැලීම සඳහා යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්.සමරකෝන් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජය නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වලට අදාළව වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ, අනුව අදාළ පෙත්සම් මැයි මස 15 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරුවරයා එදිනෙතෙක් දැනට පනවා තිබෙන නියෝගය දීර්ඝ කරන ලෙසත් නියෝග කළා.

පෙත්සම්කාර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කියා සිටින්නේ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකළ අවස්ථාවේ දී ඔවුන්ට මෙම චෝදනාව එල්ල වී තිබෙන බවයි.

ආණමඩුව පොලිසියේ කොස්තාපල්වරයකු පැහැරගෙන ගොස් හිරිහැර සිදුකළ බව චෝදනා කොට තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට පසුව ඇප මත මුදාහැරීමට ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළ බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

මෙම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත යැයි පෙන්වාදෙන පෙත්සම්කරුවන් තමන්ට එරෙහිව සිදුකෙරෙන මෙම නඩු කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23