මධ්‍යම පරිසර අධිකාරී හිටපු අධ්‍යක්ෂකගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි

අල්ලස් කොමිසම විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතින් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරී හිටපු අධ්‍යක්ෂ සුපුන් සශින්ද්‍ර පතිරගේ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින තීන්දු කළා.

මෙම පෙත්සම අද (20) දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයි රාජා සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සිදු කෙරුණා.

එම අවස්ථාවේ දී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු අධිකරණය හමුවේ සාවද්‍ය කරුණු ඉදිරිපත් කරන බවට චෝදනා කර සිටියා.

පැයකට ආසන්න කාලයක් පෙත්සම සලකා බැලූ අතර අවසානයේ දී අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එහෙත් එම ඉල්ලීමට අවසර නොදුන් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම තුළ පැහැදිලි නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බව තීන්දු කළා.

පෙත්සම්කාර මධ්‍යම පරිසර අධිකාරී හිටපු සභාපතිවරයා කියා සිටින්නේ දැවි තෙල් කර්මාන්තයක් පවත්වාගෙන යන කර්මාන්ත ශාලාවකට අදාල පාරිසරික ඇගයීම් බලපත්‍රයේ නිකුත් කිරීම සඳහා රුපියල් මිලියන 10 ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් නොවැම්බර් මස 19 වනදා තමන්ව අත්අඩංගුවට ගත් බවයි.

මෙම අපරාධය හා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු මේ තුළින් අල්ලස් කොමිසම සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?