විවාහයට පෙර හිනාව ලස්සන කරගන්න ගිය තරුණයා අවාසනාවන්ත ලෙස මරු වැළඳගනී

විවාහ මංගල්‍යයට පෙර ‘සිනහව වැඩිකර ගැනීමේ සැත්කමක්’ සිදුකර ගැනීමට ගිය තරුණයෙක් අවාසනාවන්ත ලෙස මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

හයිද්‍රාබාද් හි පදිංචි 28 හැවිරිදි ලක්ෂ්මි නාරායන වින්ජාම් නැමැති තරුණයෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

මෙම තරුණයා තමන්ගේ විවාහයට දින කිහිපයක් තිබිය දී පසුගිය 16 වනදා දන්ත වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් ඇත්තේ තමන්ගේ ‘සිනහව වැඩිකර ගැනීමේ සැත්කමක්’ සිදුකර ගැනීමේ අරමුණින්.

එලෙස සැත්කමට භාජනය වෙමින් සිටිය දී මෙම තරුණයා හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

තරුණයාගේ පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ වේදනා නාශක ඖෂධය අධි මාත්‍රාවකින් ලබාදීම හේතුවෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇති බවටයි.

ලක්ෂ්මි නාරායන්ගේ පියා වින්ජන් රමුලු ජුබිලි හිල්ස් පොලිසියට පැමිණිලි කළේ දන්ත රෝහලේ නොසැලකිල්ල තම පුත්‍රයාගේ මරණයට හේතු වී ඇති බවයි.

මේ අතර පොලිසිය විසින් ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 304(A) වගන්තිය යටතේ මිනීමැරුමක් නොවන සාපරාධී මිනීමැරුමක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ දන්ත රෝහලේ වෛද්‍යවරුන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16