spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විවාහයට පෙර හිනාව ලස්සන කරගන්න ගිය තරුණයා අවාසනාවන්ත ලෙස මරු වැළඳගනී

විවාහ මංගල්‍යයට පෙර ‘සිනහව වැඩිකර ගැනීමේ සැත්කමක්’ සිදුකර ගැනීමට ගිය තරුණයෙක් අවාසනාවන්ත ලෙස මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

හයිද්‍රාබාද් හි පදිංචි 28 හැවිරිදි ලක්ෂ්මි නාරායන වින්ජාම් නැමැති තරුණයෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

මෙම තරුණයා තමන්ගේ විවාහයට දින කිහිපයක් තිබිය දී පසුගිය 16 වනදා දන්ත වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් ඇත්තේ තමන්ගේ ‘සිනහව වැඩිකර ගැනීමේ සැත්කමක්’ සිදුකර ගැනීමේ අරමුණින්.

එලෙස සැත්කමට භාජනය වෙමින් සිටිය දී මෙම තරුණයා හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

තරුණයාගේ පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ වේදනා නාශක ඖෂධය අධි මාත්‍රාවකින් ලබාදීම හේතුවෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇති බවටයි.

ලක්ෂ්මි නාරායන්ගේ පියා වින්ජන් රමුලු ජුබිලි හිල්ස් පොලිසියට පැමිණිලි කළේ දන්ත රෝහලේ නොසැලකිල්ල තම පුත්‍රයාගේ මරණයට හේතු වී ඇති බවයි.

මේ අතර පොලිසිය විසින් ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 304(A) වගන්තිය යටතේ මිනීමැරුමක් නොවන සාපරාධී මිනීමැරුමක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ දන්ත රෝහලේ වෛද්‍යවරුන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
5
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?