කෘෂිකර්මාන්තයට නව තාක්‍ෂණය හඳුන්වා දීමට අගමැති, කියු ඩොන්ගුගෙන් සහාය ඉල්ලයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කියු ඩොන්ගු අතර හමුවක් අද (19)දින අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.

වසර ගණනාවක් පුරා කෘෂිකර්මාන්තයට සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට ලබාදුන් සහය වෙනුවෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්‍ර සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමේ සැලසුම් සඳහා තවදුරටත් සහාය ලබා දෙන ලෙස ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙන් ඉල්ලා සිටියා.

ග්‍රාමීය ගොවිතැනට බලශක්ති උත්පාදනය උදෙසා සූර්ය පැනල සහිත ජල පොම්ප සවි කිරීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී විශේෂයෙන් අවධානය යොමු කළා.

ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, මෙවැනි ව්‍යාපෘති අප්‍රිකාවේ හඳුන්වා දී ඇති අතර ශ්‍රී ලංකාවේ ද එවැනි ව්‍යාපෘතියක් පිළිබඳව ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් සලකා බලන බවයි.

ආචාර්ය කියු ඩොන්ගු ශ්‍රී ලංකාවේ දේශගුණික තිරසරභාවය මෙහි දී අගය කළ අතර, ″මෙම දූපත ඉන්දියන් සාගරයේ දීප්තිමත්ම ජල බිංදුව” ලෙස හැඳින්විය හැකි බව පැවසූ අතර මෑත යුගයේ දී සිදු වූ පෙර නොවූ විරූ අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට ප්‍රශංසා කළ ඔහු කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට යළිත් පත්වනු ඇතැයි විශ්වාසය පළ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?