වතුකරයේ ජනතාවට නිවාස 1,300ක්

භාරත – ලංකා නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස 1,300ක් ඉදි කිරිමේ කටයුතු අද (19) ආරම්භ කළා.

නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පිහිටි වතු 45ක එක් වතුයායක නිවස 50 බැගින් මෙහි දී නිවාස ඉරි කෙරෙනවා.

ඉන්දියානු රජයේ මූල්‍ය ආධාර මත ඉදිකරන මෙම එක් නිවාස සදහා ඉන්දියානු රජයෙන් රුපියල් ලක්ෂ 28.5ක ප්‍රතිපාදන ලබාද දී තිබෙනවා.

මෙරට රජයෙන් එක් නිවසක් ඉදිකිරීම සදහා පර්චස් 10ක ඉඩමක්, පානීය ජලය සහ විදුලිය ඇතුළු මං මාවත් ලබාදීම සිදුකරනු ලබනවා.

වතුකරයේ නිවාස නොමැති වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දියානු රජය මඟින් මෙම නිවාස මානව වැවිලි භාරය හරහා ඉදිකිරිම් කටයුතු සිදුකරනු ලබනවා.

එම නිවාස යෝජනා ක්‍රමයට අනුව ලක්ෂපාන, වාලමලේ වතුයායේ වතු නිවාස පනහක් ඉදිකිරීමේ කටයුතු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ්ගේ ප්‍රධානත්වයෙන් (19) දින ආරම්භ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38