ඉෂාන් කිෂාන්, ශ්‍රේයාස් අයියර් සහ දීපක් චාහර්ට ජේ ෂාගෙන් අනතුරු ඇඟවීමක්

ඉන්දීය දේශීය ක්‍රිකට් තරග බිමේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලිය වන රංජි කුසලාන තරගාවලිය නොසලකා හැරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට ජේ ෂා අනතුරු අඟවා තිබෙනවා.

ඉෂාන් කිෂාන්, ශ්‍රේයාස් අයියර්, දීපක් චාහර් යන ක්‍රීඩකයින්ට, ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා විසින් මෙලෙස අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ක්‍රීඩකයින් මේ වනවිට දේශීය ක්‍රිකට් තරග නොසලකා හැරීමේ ප්‍රවනතාව සම්බන්ධයෙන් ජේ ෂා කනස්සල්ල පළකර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉෂාන් කිෂාන්, ශ්‍රේයාස් අයියර්, දීපක් චාහර් යන ක්‍රීඩකයින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ ඉල්ලීම් නොතකා රංජි කුසලාන තරගාවලිය අත්හැර දමා ආරම්භවීමට නියමිත අයි.පී.එල් තරගාවලිය සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය දීමට එරෙහිව මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව සඳහන්.

එලෙස දේශීය ක්‍රිකට් තරගවලට සම්බන්ධ නොවෙන ක්‍රීඩකයින්ට දරුණු තීරණයවලට මුහුණදීමට සිදුවනු ඇති බවයි ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා පවසා ඇත්තේ.

ඉන්දීය දේශීය තරඟාවලි වල කාර්ය සාධනය තේරීම සඳහා තීරණාත්මක මිනුම් දණ්ඩක් ලෙස පවතින අතර, දේශීය ක්‍රිකට්වලට සහභාගී නොවීම බරපතල තත්ත්වයක් බව ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
18
+1
3
+1
3
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47