Empty Ad
AFC Banner
AFC Banner

කෙහෙළිය යළිත් රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත් වරයා සඳහන් කළා.

මෙම නඩුව අද (15) මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේ දී සැකකාර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරනයට ඉදිරිපත් කර තිබුණේ නෑ.

ඒ, සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉන් අනතුරුව පරීක්‍ෂණවල ප්‍රගතිය පිලිබදව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කරුණු ඉදිරිපත් කළා.

“ස්වාමීනි.. රට තුළ ඖෂධ වර්ග 182 ක හිගයක් පවතින බවත් ඒවා හදිසි මිලදී ගැනීමක් නොකලොත් මාස තුනකින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටිය හැකි බව සඳහන් කරමින් සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කළා. මේ ආකාරයෙන් ඖෂධ වර්ග 182ක් පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හදිසි මිලදී ගැනීමක් යටතේ සිදුකිරීමට 2022 වසරේ ඔක්තෝබර් මස 24 වනදා අනුමැතිය ලබාගෙන තිබෙනවා. මේ පිළිබඳව අපි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙන් ප්‍රකාශයක් ලබාගත්තා. එම ප්‍රකාශයෙන් අපට අනාවරණය වුණා සැකකාර අමාත්‍යවරයා හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට යෝජනා කල් ඖෂධ වර්ග 182ක එම අවස්ථාව වන විටත් රට තුළ ප්‍රමාණවත් තොග පැවැති බව. ඒ අනුව පැහැදිලි වෙනවා සැකකාර අමාත්‍යවරයා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩලය නොමග යවමින් මෙම හදිසි මිලදී ගැනීම සිදුකර ඇති බව.” යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම නඩුකරයට පාදක වන හදිසි මිලදී ගැනීම්වලට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවල මුල්ගොනු නොමැති බවත් සඳහන් කළා.

ස්වාමීනි..මෙම නඩුකරයට පාදක වන ඖෂධ වර්ග 182ක් මිලදී ගැනීම් වලට අදාළ කැබිනට් පත්‍රිකාවේ මුල්ගොනු, සටහන් හා ලේඛන සියල්ල ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියා. එහෙත් එම මුල්ගොනු නොමැති බව එම අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා. හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගත් ඖෂධ මොනවාද කියා මේ දක්වා විමර්ශන වලදී කරුණු අනාවරණය වී නෑ. ඒ සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් මේ දක්වා සොයාගැනීමට නොහැකි වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඖෂධ මිලදී ගැනීමේ විශේෂ පටිපාටියක් තිබෙනවා. මුලින්ම මිලදී ගැනීමට අපේක්ෂිත ඖෂධ වර්ගය රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කෙරෙනවා. ඉන් නිසි ප්‍රමිතියක් පවතින බව තහවුරු වන ඖෂධ පමණයි මිලදී ගැනීම් සිදු කරන්නේ. මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ශක්තිමත් නීති මාලාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසයි ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යය ඉහළ මට්ටමක් පැවතින්නේ. එහෙත් මෙම නඩුකරයට පාදක වන ඖෂධ මිලදී ගැනීමේ දී එම නීතිමය ක්‍රියාමාර්ග කිසිවක් සැකකාර හිටපු අමාත්‍යවරයා විසින් අනුගමනය කර නෑ” යනුවෙන් සඳහන් කළා.

එම අවස්ථාවේදී ප්‍රශ්නයක් මතු කළ මහේස්ත්‍රාත්වරිය ” මෙම ලේඛන තිබුණේ කවුරු භාරයේ දැයි ” විමසුවා.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම ලේඛන පැවැතියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් නිශ්පාදන අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක භාරයේ බවත් සඳහන් කර සිටියා.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය “මෙම නඩුකරයට අදාළ විමර්ශන වලදී අනාවරණය කර ගත් ප්‍රශ්නගත ඖෂධ වර්ග 182 ක් හදිසි මිලදී ගැනීමක් යටතේ ලබාගෙන තිබෙන්නේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකරයි. එම ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ නොවන බවත් අනාවරණය වී තිබෙනවා. මේ හරහා සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් මිලියන 1444කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය පරිහරණයක් සිදුකර තිබෙනවා. මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා යොදාගෙන තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔක්සිජන් මිලදී ගැනීමේ වැය ශීර්ෂය තුළ තිබූ මුදල් ප්‍රතිපාදන යොදාගෙන තිබෙන බව විමර්ශනවල දී අනාවරණය වුණා. යම් ඇමතිවරයෙක් ඇමැති මන්ඩලය හමුවට ගොස් යම් අනුමැතියක් ලබා ගතහොත් එහි වගකීම අදාළ ඇමතිවරයා වෙත පැවරෙනවා.”
යනුවෙන් සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ” මෙම විමර්ශනයට අවශ්‍ය කරන ඖෂධ ඇගයීම් කමිටුවේ සිටි ජයනාත් බුත්පිටිය සහ ටී.ආර්.සුදර්ශන යන වෛද්‍යවරු දෙදෙනා මෙම විමර්ශන ආරම්භ කිරිමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා රාජකාරි නිවාඩු මත විදේශ ගත වී තිබෙනවා. වෛද්‍ය ජයනාත් බුත්පිටියගේ විදේශ ගමන් තහනම් කරමින් අපි අධිකරණ නියෝගයක් ලබාගත් දිනට පෙර දිනයි ඔහු විදේශ ගත වී තිබෙන්නේ. විමර්ශන මගහැරීම සඳහායි ඔහු මේ ආකාරයෙන් විදේශ ගත වී සිටින්නේ. මෙම විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මේ මස 26 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් ඔහුගේ ඊ මේල් ලිපිනයට පණිවිඩයක් යවා තිබෙනවා.” යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම වෛද්‍යවරු දෙදෙනා රාජකාරී නිවාඩු මත විදේශ ගත වී සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය මත බවත් සඳහන් කර සිටියා.

ඒ, අනුව සැකකාර හිටපු අමාත්‍යවරයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්

” ස්වාමීනි..මෙම බී වාර්තාවේ සඳහන් වරදවල් මගේ සේවාදායකයා විසින් සිදු කර නෑ. 2022 තුන්වන මාසය වනවිට රටේ ආර්ථික අර්බුදයක් මතුවී විශාල අරගලයක් ඇතිවුණා. රුපියල් 203 ට පැවති ඩොලරය රුපියල් 365 දක්වා ඉහළ ගියා. එම කාල වකවානුවේ රට තුළ ඖෂධ හිගයක් පැවතුනා. රට තුළ මතුවී තිබෙන ඖෂධ හිගය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් නිවේදන නිකුත් කර තිබූණා. දෙස් විදෙස් මාධ්‍යත් මේ පිළිබඳ වාර්තා පලකලා. ඔය කාලයේ ඖෂධ ආනයනය කිරීම සඳහා රජයට විදේශ විනිමය තිබුණේ නැහැ. එම වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා බෙහෙත් වර්ග 182 ක් අඩු බව. ඒ අනුව භාණ්ඩාගාරය සැකකාර ඇමතිවරයාට දැනුම් දෙනවා ඉන්දීය ණය පහසුකම් යටතේ ඒවා මිලදී ගන්න කියලා.
ඒ නිසා තමයි ඉන්දියානු ණය ක්‍රමය යටතේ මෙම ඖෂධ මිලදී ගැනීම සිදු කළේ. ඒ නිසා මේ චෝදනා පදනම් විරහිතයි. ස්වාමීනි ඊට අමතරව මෙම සැකකරු නිදාගන්න අවස්ථාවේ දී ඔහුගේ සිරුරේ ඔක්සිජන් මට්ටම පහත යන රෝගී තත්ත්වයක් තිබෙනවා. ඒ හරහා ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතු වෙනවා. ඊට අමතරව උදරයේ සහ වකුගඩු ආබාධ තත්ත්වයක් තිබෙනවා” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද්වේශ සහගත ලෙස ඔහු අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළා.

එම අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ රෝගී තත්ත්වය විදහා පාන අන්තර්ජාලයෙන් ලබාගත් ලේඛනයක් විත්තියේ නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය භාරගැනීම මහේස්ත්‍රාවරිය විසින් ප්‍රතික්ෂේප කලා.

එය ඡායාපිටපතක් බැවින් එය භාර ගැනීමට අධිකරනයට හැකියාවක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරිය පැවසුවා.

තවත් සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාල අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන වෛද්‍ය සමන් රත්නායක මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති බව සඳහන් කළා.

සමන් රත්නායක අත් අඩංගුවට නොගන්නේ ඔහු සී.බී.රත්නායකගේ සොහොයුරා නිසා දැයි ප්‍රශ්න කළ නීතිඥ වරයා එය දන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා පමණක් බවත් සඳහන් කර සිටියා.

සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද තම සේවාදායකයින් ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා ඇප ඉල්ලීම් ඉදිරිපත් කළා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අධිකරණය අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
10
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන්ද සහභාගී වූ ගාල්ලේ නත්තල් දේව මෙහෙය
06:47
Video thumbnail
බිහිසුණු අඳුරු මතකයන් එක්කල මහා ඛේදවාචකයට අදට වසර 20යි
Video thumbnail
දේශපාලන පරමාර්ථ ඉෂ්ඨ කරගන්න මහින්ද රාජපක්ෂගේ ආරක්ෂවා අඩු කරන්න එපා
04:07
Video thumbnail
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි - හරවත් සිංදුවක් අහලත් ඉවරයි
02:09
Video thumbnail
තේරුමක් තියෙන සිංදු අහන්න පුළුවන් කලාකරුවන් නැතිවීම - අපිට ලොකු පාඩුවක්
01:10
Video thumbnail
ප්‍රියා සූරියසේනට අවසන් ගෞරව දක්වන්න සජිත් ප්‍රේමදාසත් පැමිණෙයි
03:08
Video thumbnail
SBගෙන් ආණ්ඩුවට ගුරුහරුකම් - මෙන්න රට කරන්න ඕන හරිම විදිය
08:12
Video thumbnail
Breaking News🛑බණ්ඩාරවෙලදී සිදුවුණු බිහිසුණු රිය අනතුර
02:54
Video thumbnail
උගණ්ඩාවේ සල්ලි දැන් අරන් වරකෝ - අපිලගේ සාදු ෆයර් වෙයි - කොට්ටහච්චිට හොඳවෑන් දෙසයි
05:08
Video thumbnail
නලින්ද ජයතිස්සගෙන් විශේෂ ප්‍රකාශයක්
02:58

?