නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.රාජ්‍ය සේවයට අලුතින් ග්‍රාම නිලධාරීවරුන් 2,100ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.
පසුගියදා පැවති ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමට අදාළ තරග විභාගයේ ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණවලට කැඳවීම් ලිපි යොමු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ.
