පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන් විරෝධයක (ඡායාරූප)

විදෙස් රටවල් වලින් මෙරටට ආනයනය කරන ෆාම් තෙල් (RDB) හේතුවෙන් තම කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පොල් තෙල් සහ පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන් සදහන් කර සිටිනවා.

මෙරට පොල් තෙල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා 3000ක් පමණ තිබෙන බවත්, ඒ ආශ්‍රිතව සෘජු සහ වක්‍ර ලෙස ලක්ෂ 10ක පමණ ජනතාවක් ජීවත් වන බවද ඔවුන් කියා සිටියා.

ෆාම් තෙල් මෙරටට ගෙන්වීමේ දී 2019 වසරේ දී කිලෝවකට රුපියල් 319 ක ආනයන බද්ධක් පනවා තිබූ නමුත්, එම මුදල මේ වන විට කිලෝ ග්‍රෑම් 01 කට රුපියල් 150 දක්වා අඩු කර ඇති බවද ඔවුන් සදහන් කළා.

විදෙස් රටවල් වලින් මෙරටට ගෙන්වන ෆාම් තෙල් ආහාරයට ගැනීම හේතුවෙන් ජනතාව දැඩි සෞඛ්‍ය අනතුරකට පත්ව සිටින බවත්, තම කර්මාන්තය රැක ගැනීම සදහා දිවි හිමියෙන් ඉදිරියේ දී කටයුතු කරන බවත් උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස කියා සිටියා.

හලාවත නගරයට එක්වූ පොල් තෙල් සහ පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන් සහ සේවකයින් උද්ඝෝෂණයක නිරත වුණා.

අනතුරුව ඔවුන් හලාවත – මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයට ගොස් දේව කන්නලව්වක් සිදු කර පොල් බිදීමක්ද සිදු කළා.

03 1 scaled
01 3 1 scaled
09 scaled
08 scaled
11 scaled
12 scaled
15 scaled