තොටිල්ලේ වෙනුවට මසක් වයසැති බිළිඳිය ගිනි උඳුනක තියලා – බිළිඳිය මරුට, මව අත්අඩංගුවට

මවක් විසින් තම බිළිඳිය තොටිල්ලේ වෙනුවට ගිනි උඳුනක තැබීමෙන් එම බිළිඳිය අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබෙනවා.

26 හැවිරිදි මරියා තෝමස් නැමති කාන්තාවක් තම මසක් වයසැති බිළිඳිය මෙලෙස ගිනි උඳුනක තබා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඇය පවසා ඇත්තේ තොටිල්ල යැයි සිතා තමන් බිළිඳාව ගිනි උඳුන මත තැබූ බවයි.

හුස්ම නොගන්නා ළඳරුවෙකු සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා 911 හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමකට අනුව අදාළ නිවසට ගිය මුදවාගැනීමේ කණ්ඩායම් එම බිළිඳා සොයාගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දීත් බිළිඳිය මියගොස් සිට ඇති අතර, බිළිඳියගේ ශරීරයේ පිළිස්සුම් තුවාල දක්නට ලැබුණු බවයි එම නිලධාරීන් පැවසුවේ.

බිළිඳියගේ සීයා විසින් 911 හදිසි ඇමතුම් අංකයට එම ඇමතුම ලබා දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සිදුවීමට බිළිඳාගේ මව වරදකරු වුවහොත් ඇයට අවම වශයෙන් වසර 10ක සිරදඬුවමක් හෝ උපරිම වශයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40