දුම්රියක ගැටී මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් බේරුවල – මග්ගොන දුම්රිය පාලම මත තිබී දී සොයාගෙන තිබෙනවා.
දුම්රිය පාලම මත රේල්පීලි දෙකක් අතර සිර වී තිබිය දී අද (13) පෙරවරුවේ මෙම මළ සිරුර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
අද උදෑසන කොළඹ සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියේ මෙම පුද්ගලයා ගැටෙන්නට ඇති බවටයි සැක පළකරන්නේ.
මෙලෙස මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරුකරගෙන නොමැති අතර, ඔහු වයස අවුරුදු 75-80 අතර වයසේ අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මෘත දේහය පයාගල දුම්රිය ස්ථානය වෙත භාර දී ඇති අතර, බේරුවල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
2
+1
1
+1
2
+1














