AFC Banner
Empty Ad
Empty Ad

සෞඛ්‍ය වර්ජනය අද

සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් අද (13) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිතයි.

ඒ, අනුව අද (13) පෙරවරු 6.30 සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩලයෙන් හතරෙන් තුනක පමණ ප්‍රමාණයක් එක්වීමට නියමිත බවයි ඔහු පැවසුවේ.

වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති රජයෙන් ඉල්ලීමක් කර සිටියා.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ ඊයේ (12) පැවති සාකච්ඡා අසාර්ථක වීම හෙතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට එළඹීමේ තීරණය ගත් බව එම වෘත්තීය සමිති සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?