පානදුර රන්කොත් විහාරස්ථානයේ විහාරාධිපති ජේෂ්ඨ මහාචාර්ය කහපොල සුගතරතන හිමියන්ට ඊයේ දින පහරදුන් බවට ලද පැමිණිල්ලක් මත සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනා අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උන්වහන්සේගේ සොහොයුරියකගේ ස්වාමී පුරුෂයා සහ ඔහුගේ පුත්‍රයා බවද පොලිසිය සදහන් කරයි.
නායක හිමියන් වැඩසිටින පානදුර රන්කොත් විහාරස්ථානයට ඊයේ (10) පැමිණි සැකකරුවන් උන්වහන්සේට පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පොලිසිය සදහන් කරයි.
විහාරාධිපති හිමියන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් , අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව ඉදිරි විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.
උන්වහන්සේ පසුගිය කාලසීමාවේ අසනීපයෙන් පසුවූ බවද වාර්තාවේ.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
