Saturday, January 11, 2025
Empty Ad
AFC Banner
AFC Banner

අලුත උපන් දරුවාට මව්කිරි නැති නිසා තරුණ මව ළිඳට පැනලා (වීඩියෝ)

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ළිඳක තිබී කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (10) සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ ඩෙනිස්ටන් කීර්තනා නැමැති 29 හැවිරිදි කතාවක්.

මෙම කාන්තාව මීට දින කිහිපයකට පෙර සිය පළමු දරුවා බිහිකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

දරුවා බිහි කිරීමෙන් පසු දින 11ක කාලයක් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබා පසුගියදා ඇය නිවසට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් තම බිළිඳාට ලබාදීමට මව්කිරි නොමැතිවීම හේතුවෙන් ඇය පසුගිය දින කිහිපයේ ම සිත්තැවුලෙන් සිටි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ඒ හේතුවෙන් ඇය මෙලෙස ළිඳට පැන සියදිවි හානිකරගන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය ඊයේ (10) සිදුකිරීමෙන් අනතුරුව පාශ්චත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර තිබෙනවා.

IMG 20240210 11561658
IMG 20240210 11560689
IMG 20240210 11570115
IMG 20240210 11552754
IMG 20240210 11565442
IMG 20240210 11571015
IMG 20240210 11553481
IMG 20240210 11551059
IMG 20240210 11545127

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
8
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?