මෙම මාසයේ නැවතත් විදුලි ගාස්තු සංශෝධනයක්

මෙම මාසය අවසන් වීමට පෙර විදුලි ගාස්තු අඩු කිරීමට හැකි බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. එය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබීමෙන් පසු ක්‍රියාත්මක වේ

ලබන අප්‍රේල් මාසයේදී යළිත් වරක් විදුලි ගාස්තු සංශෝධනයකට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මාර්තු මාසය වන විට එම නිර්දේශ මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබා දෙන බවද ඔහු පැවසිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
9
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?