යුක්තිය මෙහෙයුමට දේශීය මෙන්ම ජාත්‍යන්තරයෙනුත් බලපෑම් (විඩියෝ)

දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද යුක්තිය මෙහෙයුම නතර කිරීම සදහා විවිධ බලපෑම් එල්ල වන බව අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

පක්ෂ පාට භේද වලින් තොරව මෙම රට මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීමේ මෙහෙයුමක් සිදු කරද්දිත් මේ දේශපාලඥයන් මෙයට දේශපාලනය ඈදෑ ගැනීමට උත්සාහ කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

යුක්තිය මෙහෙයුම පිළිබද ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම වෙනුවෙන් පානදුර ප්‍රදේශයේ පැවති වැඩමුළුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.