ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියයයි
පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස් දෙනෙකු එහි ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙහිදි පුද්ගලයින් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් ව ඇති අතර ගුවන් යානය නේපල්ස් නාගරික ගුවන්තොටුපොළට ගොඩබෑමට මිනිත්තු දෙකකට පෙර, ගුවන් නියමුවා විසින් ගමනාගමන පාලකවරයාට යානයේ එන්ජිම ක්‍රියාවිරහිත වී ඇති බව දන්වා හදිසි ගොඩබෑමක් අවශ්‍ය බව පවසා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
12
+1
4
+1
2




