නියමකර ඇති මිල ගණන්වලට වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනගත කෙරේ

රජය විසින් නියමකර ඇති මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්, වී එකතුකරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් මඟින් මෙවර මහ කන්නයේ දී ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ, සඳහා ඔවුන්ට සහන පොළී අනුපාතයක් මත රාජ්‍ය හා වානිජ බැංකු කිහිපයක් මඟින් ණය මුදල් ලබාදීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ රජය විසින් වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා රුපියල් කෝටි 900ක මුදලක් සහන පොළී අනුපාතයක් යටතේ මෙලෙස ලබාදීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම රජය විසින් ගොවීන්ට ද වාසිදායකවන පරිදි අවම වී මිල ගණන් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එවැනි තත්ත්වයන් මත අනුමත කර ඇති මිල ගණන්වලට ගොවීන්ගෙන් වී මිල දී නොගන්නා පුද්ගලයින්ව අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19