AFC Banner
Empty Ad
Empty Ad

නියමකර ඇති මිල ගණන්වලට වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනගත කෙරේ

රජය විසින් නියමකර ඇති මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්, වී එකතුකරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් මඟින් මෙවර මහ කන්නයේ දී ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ, සඳහා ඔවුන්ට සහන පොළී අනුපාතයක් මත රාජ්‍ය හා වානිජ බැංකු කිහිපයක් මඟින් ණය මුදල් ලබාදීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ රජය විසින් වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා රුපියල් කෝටි 900ක මුදලක් සහන පොළී අනුපාතයක් යටතේ මෙලෙස ලබාදීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම රජය විසින් ගොවීන්ට ද වාසිදායකවන පරිදි අවම වී මිල ගණන් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එවැනි තත්ත්වයන් මත අනුමත කර ඇති මිල ගණන්වලට ගොවීන්ගෙන් වී මිල දී නොගන්නා පුද්ගලයින්ව අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?