මහ කන්නයේ වී මිලදී ගැනීමේ මිල ගණන් මෙන්න

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළට වී සඳහා අවම මිලදී ගැනීමේ මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව එම මිල තීරණය කර ඇත්තේ තෙතමනය 14%ක මට්ටමේ ඇති නාඩු වී 1kg රුපියල් 105කට සහ සම්බා 1kg රුපියල් 120කටත්, කීරි සම්බා රුපියල් 130කටත් මිලදී ගත යුතු බවටයි. තෙතමනය 14%කට වඩා වැඩි නාඩු වී 1kg රුපියල් 90ක මිලකටත්, සම්බා 1kg රුපියල් 100කට සහ කීරි සම්බා 1kg රුපියල් 120කට මිලදී ගත යුතු බව සඳහන්.

කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් වෙත රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් සහ වී ගබඩාකරුවන් සහ වී එකතුකරන්නන් සඳහා රුපියල් මිලියන 25ක උපරිම ණය මුදලක් ද වශයෙන් රජය විසින් රාජ්‍ය හා පුද්ගලික බැංකු මගින් ලබාදීමට නියමිතයි

මෙම ණය යෝජනා ක්‍රමය දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතයි

මේ යටතේ මිලදී ගනු ලැබිය හැක්කේ 2023/24 මහ කන්නයේ වී අස්වනු පමණයි.