යුක්ති මෙහෙයුමට සමගාමීව අපරාධ අංශ වෙත අපරාධකරුවන් 44,794 දෙනෙකුගේ ලැයිස්තුවක් දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත යොමු කර තිබෙනවා
ඒ අනුව, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි වරෙන්තුකරුවන් 4,088 දෙනෙකු අතරින් පුද්ගලයින් 1,191 ක්ද,මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි වරෙන්තුකරුවන් 33,936 දෙනෙකු අතරින් පුද්ගලයින් 5,708 ක්ද,ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 4,258 දෙනෙකු අතරින් සැකකරුවන් 266 ක් සහ අපරාධ වලට අවශ්‍ය බවට හදුනාගෙන සිටි සැකකරුවන් 2,485 දෙනෙකු අතරින් සැකකරුවන් 329 ක්ද දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.
