රුපියල් 5,000ක් ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500 දක්වා ඉහළ ඉහළ දමා තිබෙනවා.
ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ දමන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.
රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ දමා ඇති අතර අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුස්සන් මෙම වසරේ පළමු කාර්තුව තුළ හඳුනා ගැනීමට නියමිත අතර ඉන් පසු ඔවුන්ට ද මෙම වැඩිකළ දීමනාව අප්‍රේල් මස 01 සිට ලබා දීමට නියමිතයි
