බස් රථයක් තුළදී තරුණියකගේ කකුල අත ගෑ තරුණයාට ලැබුණු දඬුවම

තරුණියකගේ කකුල අත ගා ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන පුද්ගලයකු තොටළඟ ප්‍රදේශයේදී අද (7) අත්අඩංගුවට ගත් බව මෝදර මිහිජය සෙවන පොලිසිය පැවසීය.

පෑලියගොඩ ප්‍රදේශයේ කුරියයර් සේවා ස්ථානයක සේවය කරන පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා

බස්රථවල ගමන්කරන කාන්තා හිංසනය පිටුදැකීමේ අලුත් මෙහෙයුම යටතේ සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බස්රථවලට යොදවා සිදුකළ මෙහෙයුමකින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා