පාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණය වැළැක්වීමට වැටලීම්

පසුගිය මාස කිහිපය තුළ දිවයින පුරා පාසල් 10,221ක් අතරින් පාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණයක් තිබෙන බවට හඳුනාගෙන තිබූ පාසල් 4,983ක් ශ්‍රී ලංකා පොලිසිය හා පොලිස් විශේස කාර්ය බලකාය එක්ව වැටලීම් සිදු කර තිබේ.

මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 85 ක්, අයිස් ග්‍රෑම් 48ක්,මත්පෙති 1561ක්, ගංජා කිලෝ 01 ග්‍රෑම් 230ක්, මාවා කිලෝ 03 ග්‍රෑම්650ක්, මදන මෝදක කිලෝ 02යි ග්‍රෑම් 345 ක්, නීති විරෝධී සිගරට් 1285 ක් හා දුම් කුඩු කිලෝ 01 ග්‍රෑම් 585ක් සමග පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවි කළ සැකකරුවන් 517 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් .

ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි එලෙස මත්ද්‍රව්‍ය සංසරණයක් තිබෙන බවට හඳුනාගත් සෑම පාසලක් ආශ්‍රිතවම අදාළ පාසල් ගුරුවරුන්,ශිෂ්‍ය නායකයින් හා පාසල් අවට ශිෂ්‍ය ප්‍රජාව සහභාගි කරවා ගනිමින් “පවුර” සංසද කමිටු 5133ක් පිහිටුවා ඇති අතර එම කමිටු සාමාජිකයින් විසින ලබා දුන් වාර්තා අනුව පාසල් 4876 ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය සුලබතාවය පිළිබඳව පැවති අවදානම යම් දුරකට පහව ගොස් ඇති බවට අණාවරණය වී තිබෙනවා.