ආවා කල්ලියේ නායකයා අත්අඩංගුවට

යාපනයේ කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධ සිදුකළ ‘ආවා’ කල්ලියේ නායකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස, යශෝරාපුර ප්‍රදේශයේදීයි එම ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක උඩුමහලේ සිටියදීයි.

මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍යයට තදින්ම ඇබ්බැහි වූවෙකු බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීද සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 300ක් සොයාගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.