දහඅට හැවිරිදි තරුණයකු ගිනි අවියක් සමග අත්අඩංගුවට

බෙන්තර නගරයේ සිදු කළ හදිසි මෙහෙයුමකදී දහඅට හැවිරිදි තරුණයකු පිස්තෝල හා හෙරොයින් මිලි ග්රෑම් 5500 ක් සොයා ගත් බව බෙන්තොට පොලීසිය කියයි.

යම් අපරාදයක් කිරීම සදහා අවශය අයකුට ලබාදීමට මේ සැකකාර තරුණයා මේ ගිනි අවිය ගෙන යන්නට ඇතැයි සැකකරන බවත් ඒ සදහා ඔහුට ගාස්තුවක් ගෙවන්න ඇතැයි ද සැකකරන බවත් පොලීසිය පවසයි.

සැකකරු අද දින බළපිටිය මහේසතාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.

බෙන්තොට පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.