CID අත්අඩංගුවට පත් කෙහෙළිය අද අධිකරණයට

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (03) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අමාත්‍යවරයා ඊයේ (02) පස්වරුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවයි.

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා දිනයේ දී ඔහුට නිකුත් කළ නියෝගයකට අනුවයි.

එම නියෝගය නිකුත් කරමින් අධිකරණය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී පෙරේදා යළි කැඳ වූ අවස්ථාවේ දී මෙම නියෝගය සහ තහනම නිකුත් කළා.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා තිබිය දී ඔහු ඒ සඳහා නොපැමිණ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම එදින අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.

එහිදී කළ ඉල්ලීමක් මත මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම, අමාත්‍යවරයාට ඊයේ (02) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19