spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

CID අත්අඩංගුවට පත් කෙහෙළිය අද අධිකරණයට

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (03) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අමාත්‍යවරයා ඊයේ (02) පස්වරුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවයි.

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා දිනයේ දී ඔහුට නිකුත් කළ නියෝගයකට අනුවයි.

එම නියෝගය නිකුත් කරමින් අධිකරණය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී පෙරේදා යළි කැඳ වූ අවස්ථාවේ දී මෙම නියෝගය සහ තහනම නිකුත් කළා.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා තිබිය දී ඔහු ඒ සඳහා නොපැමිණ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම එදින අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.

එහිදී කළ ඉල්ලීමක් මත මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම, අමාත්‍යවරයාට ඊයේ (02) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?