කහටගස්දිගිලිය පොලිස් වසමට අයත් ත්රීකුණාමලය පාර,රඹාවැව කහටගස්දිගිලිය මහවැව ප්රදේශයේ දී ගෙළවැලාගෙන සිදුකරගත් සියදිවිහානිකරගැනීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පියසේනගේ ජයරත්න නමැති වයස අවුරුදු 46 ක පුද්ගලයෙකු බව කහටගස්දිගිලිය පොලිසිය පවසනවා.
වැඩිදුරටත් පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා විසින් තම නිවස ඉදිරිපිට තිබූ අඹගසේ මෙසේ ගෙළවැලලාගෙන සියදිවි හානිකරගෙන මියගොස් ඇති බවයි.
මෙලෙස සියදිවිහානිකරගැනීමෙන් මියගිය පුද්ගලයාගේ මෘතශරීරය මේ වන විට පෂ්චාත් මරණ පරීක්ෂණය සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල්වල වෙත යවා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කහටගස්දිගිලිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා
