ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත තීන්දුව කථානායකට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දුකරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 31 ක් ගොනුකර තිබූ අතර ඒවා පුරා දින 06ක් තිස්සේ විභාගයට ගැනුණා.

අද (02) දහවල් එහි විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව තම රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ඒ.එච්.එම්.ඞී නවාස්, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණා.

අද දින නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළා.

මෙම පනත් කෙටුම්පත ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මුති හා ප්‍රඥප්තින්ට අනුකූලව ඉදිරිපත් කර ඇති බවත් එය පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවත් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ කාරක සභා විවාදය පැවැත්වෙන අවස්ථාවේ දී ඉදිරිපත් කිරිමට යෝජිත සංශෝධන වල පිටපතක් ද අධිකරණයට ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට (02) පෙරවරු 12.00 පෙර ගොනුකරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 31 ක් ගොනුකර තිබුණා.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමාජවාදී තරුණ සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා වෘත්තිය පත්‍රකලාවේදීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.

එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර සිටිනවා.

යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස මෙම පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40