වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු නිල වශයෙන් ධුරයෙන් සමුගනී – නව වේත්‍රධාරී තනතුරට කුෂාන් සම්පත් (ඡායාරූප)

විශ්‍රාම යාමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් අනුප්‍රාප්තික වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම අද (30) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ, පාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදීයි.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වසර 42කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කර අද (30) දිනයේ විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව සාම්ප්‍රදායානුකූලව අනුප්‍රාප්තික වේත්‍රධාරී වෙත මෙලෙස සෙංකෝලය සහ සිය අසිපත භාරදීම සිදුවුණා.

පාර්ලිමේන්තුවේ 06 වැනි වේත්‍රධාරී වන නරේන්ද්‍ර ප්‍රනාන්දු 2018 වසරේ සිට වේත්‍රධාරී ධුරයේ රාජකාරි ඉටු කළා.

මේ අනුව හෙට (31) දිනයේ පාර්ලිමේන්තුවේ 07 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න වැඩභාර ගැනීමට නියමිතයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න ඇතුළු පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නිලධාරීන් එක්ව සිටියා.

Mace Handing Over 20240130 9
Mace Handing Over 20240130 11
Mace Handing Over 20240130 15
Mace Handing Over 20240130 8
Mace Handing Over 20240130 6
Mace Handing Over 20240130 5
Mace Handing Over 20240130 4
Mace Handing Over 20240130 1
Mace Handing Over 20240130 3