හෝටල් කාමරයක් තුළ දී පෙම්වතා පෙම්වතියව ඝාතනය කරලා

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඉන්දියාවේ පූනේ නගරයට ආසන්නයේ පිහිටි හෝටලයක දී මෘදුකාංග ඉංජිනේරුවරියක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අත්අඩංගුවට ගැනුණු පෙම්වතා සතුව තිබී පිස්තෝලයක් ද සොයාගැනීමට හැකි වූ බවයි ඉන්දීය පොලිසිය සඳහන් කරන්නේ.

හෝටලයේ සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරක් ලැබීමෙන් පසු ඔවුන් හෝටලයට පැමිණ පරික්ෂා කිරීමේ දී මෙම කාන්තාවගේ මළ සිරුර සොයාගැනීමට හැකිව තිබෙනවා.

මළ සිරුර හමු වූ කාමරයේ ලේ පැල්ලම් දක්නට ලැබුණු බවයි විමර්ශන සිදුකරන පොලිසිය පැවසුවේ.

වන්දනා ද්විවේදි නැමැති මෙම කාන්තාව සිය පෙම්වතා වූ රිෂාබ් නිගම් සමඟ කලක සිට මෙම ප්‍රේමසම්බන්ධතාව පවත්වෙගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා පසුගිය දා අදාළ හෝටලයට පැමිණ ඔවුන්ගේ නම්වලින් එහි කාමරයක් වෙන්කරගෙන ඇති බව සඳහන්.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි මෙතෙක් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අපරාධයෙන් පසු පෙම්වතා හෝටලයෙන් පිටව යන ආකාරය එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල ද සටහන් ව තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සැකකාර පෙම්වතාගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56