මත්පැන් සමාගම් 10 කින් හිඟ බදු අයකර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා පෙත්සමක් (වීඩියෝ)

මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 10කින් රජයට අයවිය යුතු හිඟ බදු මුදල් අයකර ගැනීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු බළධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා, සිවිල් ක්‍රියාකාරිකයන් 17දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එලෙස හිඟ බදු මුදල් සියල්ල ගෙවා අවසන්වෙන තෙක් අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන ලෙසයි පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් වාර්ෂික බදු ගෙවීම වසර කිහිපයක සිට පැහැරහැර ඇති අතර, ඒ බව දැන දැනම ඔවුන්ට නව බලපත් දීමට සහ දී ඇති බලපත් අලුත් කිරීමට සුරාබදු කොමසාරිස්වරයා ඇතුළු ඔහුගේ නිලධාරීන් කටයුතු කර ඇති බවටයි පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ.

2022 වසරේ දී රජය අපේක්ෂා කළ බදු ආදායම රුපියල් බිලියන 101 කින් පහත වැටී ඇති බවත්, ඉන් බිලියන 26ක් ම සුරාබදු හරහා ලැබිය යුතුව තිබූ බදු බවත් පෙත්සම්කරුවන් පෙත්සම මඟින් අවධාරණය කරනවා.

ලංකාවේ ආර්ථික පරිහානියට මෙම බදු අයකර ගැනීම පැහැර හැරීම ද හේතුවක් වූ බව පවසන පෙත්සම්කරුවන්, රට බංකොලොත් වූවාට පසුව හෝ එකී බදු අයකර ගැනීමට සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම සම්බන්ධව සිය දැඩි විරෝධය පළ කරනවා.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, රජයේ විගණකාධිපතිවරයා, ඩබ්.එම්. මෙන්ඩිස් සහ සමාගම, වයඹ ඩිස්ටලරිස් පෞද්ගලික සමාගම, රන්දෙනිගල ඩිස්ටලරීස්, හිඟුරාන ඩිස්ටලරීස් ඇතුළු අරක්කු නිෂ්පාදන සමාගම් 10ක හිමිකරුවන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40