අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකුට කිඹුල් ප්‍රහාරයක්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙහි සිටි රැඳවියෙකු බන්ධනාගාර වගා භූමියේ සිටින අවස්ථාවේදී කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

මෙම රැඳවියා ඊයේ (22) සවස කිඹුලාගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර, පසුව එම ස්ථානයේ සිටි බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඔහුව බේරාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමෙන් රැඳවියාගේ ගෙල, අත හා පාදයට තුවාල සිදුවී තිබෙනවා.

බන්ධනාගාරය ආසන්නයෙන් ගලා බසින මල්වතු ඔයෙහි සිටින කිඹුලකු මෙසේ බන්ධනාගාර භූමියට පැමිණ ඇති අතර එහි සිටින කිඹුලන් නිසා මල්වතු ඔය දෙපස සිටින ජනයාගේ ජීවිත වලටද දැඩි අවදානමක් පවතිනවා.

ගම්වාසීන් සඳහන් කරන්නේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් මල්වතු ඔයෙහි බෝට්ටු සේවාවක් ද ආරම්භ කර ඇති අතර ඒ සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ජීවිත ද ඉතා අවදානමකට ලක් වීමට ඉඩකඩ ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගැරඬි සිල් ගන්නේ නෑ - කට පරිස්සම් කරගන්න
11:52
Video thumbnail
හැමෝවම නටවපු රෝහිතගේ සුපිරි සින්දුව
06:47
Video thumbnail
මහින්ද 2015 පැරදුණේ නැත්තම් රටට මෙහෙම වෙන්නේ නෑ
12:43
Video thumbnail
නාමල් ආණ්ඩුව සැරටම අමතයි - ගොවියව තඹ සතේකටවත් ගණන් ගන්නේ නෑ
07:45
Video thumbnail
හේමරතන හිමියි, දඩම# තියාගෙන සිටි කපුවයි භාරයක් වෙන්න ජය ශ්‍රී මහා බෝධියට ඇවිල්ලා
06:40
Video thumbnail
මහින්ද නැවත බලය ඉල්ලයි - අපි රට හදලා පෙන්නන්නම්
00:57
Video thumbnail
ඔය යූ ටියුබ් මුදලාලිලාට අපි බය නෑ
05:55
Video thumbnail
IMF ණය අයින් කරනවනම් මහින්දවයි, නාමල්වයි හිරේ දාන්න - ආණ්ඩුවට මිනිස්සුන්ගෙන් ලැබෙන්නේ තොගේට
04:46
Video thumbnail
චාමර සම්පත් අර්චුනාට කිව්ව දේට මහින්දට හොඳටම හිනා
02:30
Video thumbnail
මහින්ද ආවා කියන්නේ ලයිට් නැති ගෙදරටකට ජෙනරේටර් එකක් දැම්මා වගේ - රෝහිත ගුණ වයයි
11:50