උත්සව සීමා කරමින් මධ්‍යම පළාතේ පාසල්වලට විශේෂ චක්‍රලේඛයක්

උත්සව සංවිධාන කටයුතු සීමා කරන ලෙස දන්වා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ විවිධ උත්සව සංවිධානය කරමින් ඇතැම් පාසල් මගින් දෙමව්පියන් ගෙන් මුදල් එකතු කරන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්.

මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ පාලනය වන සියලුම පාසල්වලට මෙම චක්‍රලේඛය බලපැවැත්වෙන බවයි ඔහු දැනුම්දී ඇත්තේ.

ආගමික උත්සව සහ චක්‍රලේඛ මගින් අවසර ලබා දී ඇති උත්සව හැරුණු විට වෙනත් උත්සවයක් පවත්වන්නේ නම් විදුහල්පතිවරු අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතු වනු ඇති.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා සඳහන් කර ඇත්තේ
නව චක්‍රලේඛයට අනුව පළමු වාරයේ දී උත්සව තුනක්, දෙවන හා තුන්වන වාරවල දී උත්සව හතරක් ද ලෙස වසර පුරා උත්සව 07ක් පමණක් පැවැත්වීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී ඇති බවයි.

පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීම, නිදහස් උත්සවය හා නිවාසාන්තර ක්‍රීඩා උළෙල පළමු වාරයේ දී පැවැත්වීමට අවසර ලබාදී තිබෙනවා. දෙවන හා තුන්වන වාරවල දී පැවැත්වීමට අවසර ලබා දී ඇත්තේ අධ්‍යාපන චාරිකාව, වර්ණ ප්‍රදානෝත්සවය, කලා උළෙල සහ වාර්ෂිත ත්‍යාග ප්‍රදානෝත්සවය පමණයි.

සංගීත සංදර්ශන, ගුරු උපහාර ඇතුළු විවිධ සැමරුම් උත්සව සංවිධානය කරමින් විදුහල්පතිවරු ඇතුළු විවිධ කණ්ඩායම් සීමාවකින් තොරව මුදල් එකතු කරන බවටත් ඒවා සම්බන්ධයෙන් අයවැය වාර්තාවක් හෝ ඉදිරිපත් නොකරන බවටත් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමටයි මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13