යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙකු මිය ගොස් ඇති බව මදුරන්කුලිය පොලීසිය පවසයි.
විදුලි පහන් නොමැතිව ධාවනය කළ යතුරු පැදිය ඊයේ (17) රාත්රී 09.30ට පමණ මදුරන්කුලිය – විරුතොඩ ප්රදේශයේ දී අනතුර සිදු වී ඇත.අනතුරින් මිය ගොස් ඇත්තේ, මදුරන්කුලිය – විරුතොඩ පදිංචි ව සිටි කලීල් අහමඩ් මෙහිදින් නම් අවුරුදු 15ක පාසල් සිසුවෙකි.
විරුතොඩ මුස්ලිම් දේවස්ථානය අසල දී දකුණු පස ඇති අතුරු මාර්ගයකට ලොරි රථය හැරවීමට උත්සාහ කරන විට අධික වේගයෙන් පැමිණ ඇති යතුරු පැදිය එහි ගැටීමෙන් අනතුර සිදු වී ඇත.අනතුරට සම්බන්ධ යතුරුපැදිය ලියාපදිංචි කර නොමැති බවත් අනතුර සිදු වන අවස්ථාවේ යතුරු පැදියේ විදුලි පහන් ක්රියාත්මක වී නොතිබි බවත් පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබූ පාසල් සිසුවා ප්රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළු කරන අතරමඟ මිය ගොස් ඇත.
මදුරන්කුලිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
