ව්‍යාජ ලෙස සහතික කරණලද ප්‍රවේශ පත්‍රයක් භාවිතා කරමින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට බාහිරව පෙනී සිටි අපේක්ෂිකාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හෙට්ටිපොල පොලිසිය සදහන් කරයි.
හෙට්ටිපොල මහා විද්‍යාලයෙ පවත්වාගෙන යන විභාග මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් කර ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.
ඉකුත් 13 දා පැවති විභාග ප්‍රශ්ණ පත්රයකට පෙනී සිටි අපේක්ෂිකාවකගේ ප්‍රවේශ පත්‍රය සම්බන්ධයෙන් එම පැමිණිල්ල පොලිසියට ලැබී ඇත.
නැලෑගම – කූරටිහෙන පදිංචි එම අයදුම්කාරියගෙ විභාග ප්‍රවේශ පත්‍රය සහතික කර ඇත්තේ කුලියාපිටිය කලාපය අධ්‍යාපනය අධ්‍යක්ෂකවරයෙකුගේ අස්සනින්.
එම අස්සන් සහ නිල් මුද්‍රාව පිළිබදව ඇතිවී තිබෙන සැකය මත විභාග ශාලාධිපතිවරයා විසින් අදාළ පැමිනිල්ල පොලිසියට කර ඇත.
සිද්ධියට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
