පොලොන්නරුවේ ගොවීන්ට අත්වු ඉරණම

වී වගාව මහවැසි සහ ගංවතුර හේතුවෙන් මුලුමනින්ම විනාශවූ බව පොලොන්නරුවේ ගොවීහු පවසයි.

පොලොන්නරුව ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා පැවසුවේ මාස දෙකක්, දෙක හමාරක් ඉක්මවූ වී අක්කර 5000කට වැඩි ප්‍රමාණයක් මුලුමනින්ම විනාශවී ගොස් ඇති බවයි.

රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය සඳහා මුදල් පවා මෙතෙක් නොලැබීම නිසා තමන්ට ගොවිතැන් කිරීමට සිදුවූයේ ණයතුරුස්වී බවද ඔවුන් පැවැසූහ.

මෙවර මාස් කන්නයේ වී වගාවට අධික වර්ෂාව සහ ගංවතුර නිසා සිදුවූ හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි මුදලක් ලබාදීමට රජය නොපමාව පියවර ගතයුතු බවයි ඔවුන් පවසන්නේ