ලංකා විදුලිබල මණ්ඩලයෙන් ක්ෂණික ඇමතුම් අංකයක්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

1987 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් ඔබට තොරතුරු ලබා දීමේ හැකියාව පවතිනවා. ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ නීතිවිරෝධී විදුලි රැහැන් හේතුවෙන් සිදුවන අලි මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර අනවසර විදුලි රැහැන් ඇදීම හේතුවෙන් 2023 වසරේදී අලි ඇතුන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි