“මම නිදහසට කරුණු කියන්න කැමති නෑ” – වනිඳු

තමන් නිදහසට කරුණු කීමට අකමැති බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසනවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (16) සිම්බාබ්වේ සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට එක්වෙමින් වනිඳු මේ බව සඳහන් කළා.

පන්දු යැවීම, පන්දු රැකීම සහ පන්දුවට පහරදීම යන අංශ තුනෙන් ම සිදු වූ යම් යම් අතපසුවීම් හේතුවන් මෙම තරගය පරාජයට පත්වීමට සිදු වූ බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් මෙම තරගය ජයගැනීමට හැකිව තිබූ බවයි ශ්‍රී ලංකා විස්සයි විස්ස නායකයා මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

“ඕල්රවුන්ඩස්ලා දෙන්නෙක්ගෙන් යනකොට අපි ඕවස් හතරක් අපි හදන්න ඕන. ඒ ඕවස් හතර හදද්දී මම බැලුවේ පුළුවන් තරම් අන්තිම ඕවරේට එනකොට එයාලය ගහන්න තියන ලකුණු සංඛ්‍යාව වැඩි කරන්න, මට ඕන විදියට වුණා. ඉතින් අවාසනාවකට මේ වගේ තරගයක ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. අපි ඒ වැරදිත් හදාගෙන ඉස්සරහට එන්න තමයි බලාපොරොත්තුව.”

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරයේ ජයග්‍රහණය අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකාවෙන් උදුරාගන්නට සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (16) රාත්‍රියේ සමත් වුණා.

ඒ, එම තරගය ජයගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 174ක ඉලක්කය පන්දුවාර 19යි පන්දු 05ක් තුළ පසුකර යමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12