ඇඳුම් සොරකම් කළ මන්ත්‍රීවරිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙලා

වෙළඳසැලකින් ඇඳුම් සොරකම් කිරීමේ චෝදනා ලබා සිටින නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

මෙලෙස ඉල්ලා අස් වී ඇත්තේ නවසීලන්තයේ මධ්‍ය වාමාංශික හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක් වන ගොල්රීස් ග්‍රහමාන් නැමැති තැනැත්තියක්.

දැඩි මානසික ආතතියත් සමඟ තමන් මෙම සොරකම සඳහා පෙළඹුණු බවයි ගොල්රීස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

මෙම ක්‍රියාවට තමන්ට සමාවදීමට උත්සාහ නොකරන බවත්, නමුත් එය පැහැදිලි කිරීමට අවශ්‍ය බවත් ඇය එම නිවේදනයේ දක්වා තිබෙනවා.

ඉරානයේ උපත ලබා ඇති ගොල්රීස් ග්‍රහමාන් කුඩා කාලයේ සරණාගතභාවය පතා දෙමව්පියන් සමඟ කුඩා කාලයේ නවසීලන්තයට සංක්‍රමණය වී ඇති බව සඳහන්.

මේ වනවිට 42 හැවිරිදි වියේ පසුවන ඇය 2017 වසරේ දී නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

නීතිය හැදෑරීමෙන් පසු ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නීතිඥවරියක් වූ අතර, 2017 දී පාර්ලිමේන්තුවට ඇතුළු වීමට පෙර ජාත්‍යන්තර අපරාධ අධිකරණවල කටයුතු කර තිබෙනවා.

ඕක්ලන්ඩ් නුවර සුඛෝපභෝගී වෙළෙඳසැලකින් ඇඳුම් සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඊට එරෙහිව පොලිස් පරීක්ෂණ ආරම්භ වූ අවස්ථාවේදීම ඇය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි පාරිභෝගිකයින්ගේ මානව අයිතිය ආණ්ඩුව අමුවේ අමුවේම උල්ලංඝනය කරනවා
03:47
Video thumbnail
මතුගම දැඩි උණුසුමක්..ජගත් පොලිසියට එද්දි මාලිමාවට සත්තමක්.."බුදු අම්මෝ..මම යන්නේ මාලිමා පොලිසියට "
04:27
Video thumbnail
විදුලි ගාස්තු නිසා අසේල ලෙසටම ෆයර්වෙයි..මොන මඟුලක්ද ඕක..අපිවමනේ ම#න් කන්න හදන්නේ..පුදුම වැඩක්නේ මේක
04:16
Video thumbnail
හඳුන්වා දුන් නව මොඩියුලර් ක්‍රමය ගැන අගමැති කිව්ව දේ..
05:43
Video thumbnail
මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කරපු හපන්කම්වල ප්‍රතිඵල..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
03:24
Video thumbnail
ආණ්ඩුව ආණ්ඩුවේ කකුලෙන්ම ඇදගන්නවා..නාමල් ඉවසන් හිටියට, පාලමෙන් එහා පැත්තේ අයගේ ඉවසීම අඩුයි
05:33
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53


?