ඇඳුම් සොරකම් කළ මන්ත්‍රීවරිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙලා

වෙළඳසැලකින් ඇඳුම් සොරකම් කිරීමේ චෝදනා ලබා සිටින නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

මෙලෙස ඉල්ලා අස් වී ඇත්තේ නවසීලන්තයේ මධ්‍ය වාමාංශික හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක් වන ගොල්රීස් ග්‍රහමාන් නැමැති තැනැත්තියක්.

දැඩි මානසික ආතතියත් සමඟ තමන් මෙම සොරකම සඳහා පෙළඹුණු බවයි ගොල්රීස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

මෙම ක්‍රියාවට තමන්ට සමාවදීමට උත්සාහ නොකරන බවත්, නමුත් එය පැහැදිලි කිරීමට අවශ්‍ය බවත් ඇය එම නිවේදනයේ දක්වා තිබෙනවා.

ඉරානයේ උපත ලබා ඇති ගොල්රීස් ග්‍රහමාන් කුඩා කාලයේ සරණාගතභාවය පතා දෙමව්පියන් සමඟ කුඩා කාලයේ නවසීලන්තයට සංක්‍රමණය වී ඇති බව සඳහන්.

මේ වනවිට 42 හැවිරිදි වියේ පසුවන ඇය 2017 වසරේ දී නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

නීතිය හැදෑරීමෙන් පසු ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නීතිඥවරියක් වූ අතර, 2017 දී පාර්ලිමේන්තුවට ඇතුළු වීමට පෙර ජාත්‍යන්තර අපරාධ අධිකරණවල කටයුතු කර තිබෙනවා.

ඕක්ලන්ඩ් නුවර සුඛෝපභෝගී වෙළෙඳසැලකින් ඇඳුම් සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඊට එරෙහිව පොලිස් පරීක්ෂණ ආරම්භ වූ අවස්ථාවේදීම ඇය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ - "විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියන්නේ බොරු"
02:14
Video thumbnail
අසරණ වූ පවුලකට නිවසක් දීපු ව්‍යාපාරික මිතුරන්
03:09
Video thumbnail
ලොකුම ගැටලුව වන අලි මිනිස් ගැටලුවට විසඳුම් මෙන්න - නව ජාතික ක්‍රියාකාරි සැලැස්මක්
09:36
Video thumbnail
හැමෝම මට සමාවෙන්න - Mr. Kottu සමාව ඉල්ලයි
02:21
Video thumbnail
කාදිනල් හිමිත්, අනුරත් ඉන්නේ රාජ්‍ය බිඳවැට්ටීමේ කුමන්ත්‍රණයක ? නුවන් බැල්ලන්තුඩාවගෙන් ඇස්උඩයන කතාවක්
16:02
Video thumbnail
වසන්තට චූටි මොළයක් තියෙන්නේ - කුට්ට කුජීත පජාත වැඩමයි කරන්නේ
10:34
Video thumbnail
සීලරතන හිමි දුන්න මුං ඇට කිරිබත් දන්සල - "ගමේ එකා කොහෙද යන්නේ..එන්න"
02:26
Video thumbnail
හාල් කිලෝ 20ක් ගෙවන්න දෙන එක තමයි පුනරුදය
02:10
Video thumbnail
සේවකයින්ට ප#ර දුන් සිද්ධියට Mr. කොත්තු හිමිකරු අත්අඩංගුවට
02:15
Video thumbnail
නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ - නීති විරෝධීයි
03:31