බන්ධනාගාර වාට්ටු පිරී ඉතිරෙයි – වැසිකිළිවලත් හිඟයක්

බන්ධනාගාර වාට්ටුවල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව බන්ධනාගාර රැඳවියන්ගේ ප්‍රතිශතය 232 % කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස බන්ධනගාර ගතව සිටින රැඳවියන්ගෙන් 53%ක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන් වනවා.

මේ අතර බන්ධනාගාර ගතව සිටින රැඳවියන් වෙනුවෙන් ඇප නියම කර තිබුණද, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් රැඳවියන් 1,795 දෙනෙකු තවමත් බන්ධනාගාර තුළ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බන්ධාගාර වැසිකිළිවල හිඟයක් ද පවතින අතර, බන්ධනාගාර 27ක වැසිකිළි 187ක හිඟයක් පවතින බව බන්ධනාගාරයන්හි පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ සඳහන්.

මේ අතර රජයට වාර්ෂිකව කෝටි 800කට වැඩි මුදලක්බන්ධනාගාර ගතව සිටින රැඳවියන් නඩත්තුව වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?