ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා
අමාත්‍යවරයා පවසන්නේ විදුලි බිල පහත දැමීමට සමගාමීව ජල ගාස්තු අඩු කිරීමට හැකි මිල සූත්‍රයක් පිළිබඳව ජාතික ජල සම්පාදන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශකයන් සමග සාකච්ඡා කොට මෙම මිල සූත්‍රය සකස් කරන බවයි
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ජල පර්යේෂණ හා තාක්ෂණ ආයතනයේ පැවති සාකච්ඡාවකදීයි .
