ඩෙන්මාර්කයේ නව රජු කිරුළු පළඳියි

ඩෙන්මාර්කයේ නව රජු ලෙස දසවන ෆෙඩ්රික් රජු ඊයේ කිරුළු පළඳා තිබෙනවා.

ඒ, වසර 52ක කාලයක් ඩෙන්මාර්කයේ රැජින ලෙස කටයුතු කළ ඔහුගේ මවවන මාග්‍රෙත් රැජින රජකම අතහැරීමෙන් පසුවයි.

කිරුළු පැළඳීමෙන් පසු දසවන ෆෙඩ්රික් රජු කඳුළු සලමින් පවසා ඇත්තේ තමන් රාජ්‍යය අනාගතය සඳහා “එක්සත් කරන රජෙකු” වීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම වසර 52ක් ඩෙන්මාර්කයේ රැජින ලෙස කටයුතු කළ තම මව “අසාමාන්‍ය” නායිකාවක් ලෙස සැමවිටම මතකයේ රැඳෙනු ඇති බවයි නව රජු තවදුරටත් පවසා ඇත්තේ.

ඩෙන්මාර්කයේ නව රජු දැකබලා ගැනීම සඳහා ක්‍රිස්ටියන්ස්බෝර්ග් මාලිගාවෙන් පිටත විශාල පිරිසක් ඩෙන්මාර්ක ධජය සහිතව ඒකරාශිව සිටි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

නව රජු සහ බිසව මාලිගාවේ පිටත සඳළුතලයට පැමිණ සිප ගන්නා විට රැස්ව සිටි පිරිස ප්‍රීති ඝෝෂාකරමින් සතුට සැමරූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්