වාහන වර්ග කිහිපයක් ආනයනයට අවසර දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

වාහන වර්ග කිහිපයක් ආනයනයට අවසර ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් හා ආර්ථික ස්ථායීකරණ අමාථ්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත්තේ.

එම ගැසට් නිවේදනයට අනුව අධ්‍යාපන අමාත්‍යංශයට බස් රථ 2ක්, සෞඛ්‍ය අමාත්‍යංශයට ජංගම මාතෘ ඒකක ඇතුලත් වාහන 3ක් සහ ඩබල් කැබ් රථ 21ක් මෙන්ම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයට එස්යූවී රථයක් ආනයනයට අවසර හිමිවනු ඇති.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පිරිමැසුම් පන්තියේ රැම්ප් රථ 3ක් ද ආනයනයට අවසර හිමිවී තිබෙනවා.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ රජයට අත්‍යවශ්‍ය වාහන පමණක් ආනයන කිරීමට මෙම නව ගැසට් පත්‍රය නිකුත් කළ බවයි.

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පොදුවේ වාහන ආනයනය කිරීමට නොවන අතර රජයේ ආයතන කිහිපයක අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සඳහා වාහන කිහිපයක් ආනයනය කිරීමට පමණක් බව ද ඔහු පෙන්වා දෙනවා.

විදේශ ආධාරවලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා එම ආධාර යොදාගෙන මෙම වාහන ආනයනය කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ වාහන තුන හැර සෙසු සියලුම වාහන විදේශ ආධාරවලින් ලැබුණු ප්‍රදානයන් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

2366 19 S 1 scaled
2366 19 S 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ගැන ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - අත්අඩංගුව ගන්න
17:24
Video thumbnail
සුනිල් වටගල සහ සජීව මැදවත්ත හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි...
00:32
Video thumbnail
සෙනඟ මැදින් ආ වටගල හිටපු පොලිස්පතිට සමුදෙයි
01:20
Video thumbnail
නාමල් තමයි මේ ආණ්ඩුවට අභියෝගය - මෙච්චර බයික් එයි කියලා අපි හිතුවේ නෑ
03:18
Video thumbnail
මරික්කාර්, රෝසි, ටිරාන් පෝලිමට හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:34
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල අවසන් ගෞවර දක්වන්න එයි
01:21
Video thumbnail
ශිරන්ති තනියෙන්ම හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
01:12
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ශිරන්ති රාජපක්ෂ පැමිණි මෙහොත...
00:43
Video thumbnail
පරීක්ෂණවලට අපි බය නෑ - නාමල් ආණ්ඩුව සැරටම අමතයි
11:15
Video thumbnail
නාමල් බයික් පෙරහැරක් මැදින් ගැම්මෙන් පුත්තලමට ගිය හැටි
01:27