spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන වර්ග කිහිපයක් ආනයනයට අවසර දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

වාහන වර්ග කිහිපයක් ආනයනයට අවසර ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් හා ආර්ථික ස්ථායීකරණ අමාථ්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත්තේ.

එම ගැසට් නිවේදනයට අනුව අධ්‍යාපන අමාත්‍යංශයට බස් රථ 2ක්, සෞඛ්‍ය අමාත්‍යංශයට ජංගම මාතෘ ඒකක ඇතුලත් වාහන 3ක් සහ ඩබල් කැබ් රථ 21ක් මෙන්ම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයට එස්යූවී රථයක් ආනයනයට අවසර හිමිවනු ඇති.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පිරිමැසුම් පන්තියේ රැම්ප් රථ 3ක් ද ආනයනයට අවසර හිමිවී තිබෙනවා.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ රජයට අත්‍යවශ්‍ය වාහන පමණක් ආනයන කිරීමට මෙම නව ගැසට් පත්‍රය නිකුත් කළ බවයි.

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පොදුවේ වාහන ආනයනය කිරීමට නොවන අතර රජයේ ආයතන කිහිපයක අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සඳහා වාහන කිහිපයක් ආනයනය කිරීමට පමණක් බව ද ඔහු පෙන්වා දෙනවා.

විදේශ ආධාරවලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා එම ආධාර යොදාගෙන මෙම වාහන ආනයනය කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ වාහන තුන හැර සෙසු සියලුම වාහන විදේශ ආධාරවලින් ලැබුණු ප්‍රදානයන් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

2366 19 S 1 scaled
2366 19 S 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?