අනුරාධපුර දිස්ත්‍රික්කයේ easy cash ක්‍රමය යටතේ හෙරොයින් අලෙවි කිරීමේ ජාලයේ ප්‍රධාන ජාවාරම්කරු වන ‘ සැන්ඩ්‍රා ‘ අණුවර්තන නාමයෙන් හඳුන්වනු ලබන ලහිරු සම්පත් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇති මෙම හෙරොයින් ජාවාරම්කරු අවුරුදු තිහක් පමණ වයසේ පසුවන දේවානම්පියතිස්සපුර පදිංචිකරුවෙකු බව අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
‘යුක්තිය ‘ මෙහෙයුම යටතේ ඊයේ සවස සිදුකළ විශේෂ පරීක්ෂාවකදී හෙරොයින් ග්‍රෑම් අටයි මිලිග්‍රෑම් පන්සීය තිහක් සමග (08g 530mg) මෙම සැකකරුව අත්අඩංගුවට පත්ව ඇත.
පසුගිය කාලයේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ හෙරොයින් ජාවාරම්කරුවකු වන රණාලේ සමයන්ගේ ගෝලයකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සිට මෙරට ක්‍රියාත්මක කරන හෙරොයින් ජලයේ ප්‍රධාන සැකකරුවකු ලෙස හඳුනාගෙන ඇති ‘ පාදුක්ක’ අනුවර්තන නාමයකින් ක්‍රියාත්මක වන ජාවාරම්කරුගේ අනුරාධපුර දිස්ත්‍රික් ජාවාරම්කරු ලෙස ‘ සැන්ඩ්‍රා ‘ කටයුතු කරන බව පොලිසිය පවසයි.
මෙම සැකකරුව අද දින අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත තවදුරටත් විමර්ශන සිදු කරයි.













